Thursday, November 10, 2011

sAm' cReations: භීෂණයේ අතුරැ කතා - බදාදා ( A week before the paren...

sAm' cReations: භීෂණයේ අතුරැ කතා - බදාදා ( A week before the paren...: බ්ලොග් එක මුල ඉදන් ෆලෝ කරපු උදවියට අපේ 10,11 කැලෑසියේ වී‍රයා මතක ඇති. නොදන්න අයට දැනගන්න කියන්නේ පොර තමයි "ඥානේ" අහ් මතක හැටියට ඥාණදාස. ඉස්...

පැනඩෝල්

මේ කතාව කොහොම පටන් ගන්නද කියල මටම තේරෙන්නෙ නැහැ.
අපි මෙහෙම පටන් ගමු. මගේ නම සමන්. සමන් ජයසිංහ. ගම කඩවත. මම සිංහ සමාජයේ සාමාජිකයෙක්. සිංහ සමාජයේ වාර්ෂික සමුලුවකට තවත් කට්ටියක් සමඟ ඇමරිකාවේ චිකාගෝවට යන්ට මට (අ)වාසනාව පෑදුනා. ඇමරිකන් උණ සෑදී වලිප්පුව සෑදී සිටි මම ආපසු ආවේ නැහැ. මට එහේ පොඩි ජොබ් කට්ටක් සෙට් උනා. දැන් අවුරුදු හතරක්. තව අවුරුද්දකට වීසා තියෙනවා. තව කීයක් හරි හොයා ගෙන ආපහු යනවා.
මට රැකියාවක් ලැබුනේ ගෑස් ස්ටේෂන් එකක. ගෑස් ස්ටේෂන් කියන්නේ පැට්‍රල් ෂෙඩ්.
පැට්‍රල් ෂෙඩ් එකක වැඩ කරනවා කියන කොට ඔබට මතක් වෙයි කාකි කොට කලිසමක් ඇඳල කාකි අත් කොට කමිසයක් ඇඳල රබර් සෙරෙප්පු දෙකක් දෙපයට දාගත්තු බුලත් හපයෙක්.
ඒත් ඇමරිකාවෙ එහෙම නැහැ. අපිට ලස්සන යුනිෆෝම් එකක් තියෙනවා. ටයි එකකුත් දාන්න ඕන.
මෙහේ ( ගෑස්) පැට්‍රල් ගහන්නේ වාහනය පදවන්නාමයි. පොම්ප 10 ක් 12 ක් විතර තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරල තමන්ටම ගෑස් ගහගන්නත් පුලුවන්. එහෙම නැත්නම් ඇතුළට ගිහිල්ලා පොම්පයේ අංකය කියල මුදල් ගෙව්වාම මට කරන්න තියෙන්නේ කොම්පියුටරයෙන් පොම්පය විවුර්ත කරන එකයි. ඊට අමතරව හදිසියෙන් ගන්න අවශ්‍ය බෙහෙත් පෙත්තේ සිට කොන්ඩම් එක දක්වා බඩු විකුණන මිනි මාකට් එකකුත් තියෙනවා.
මේවා හදිසියට හොයා ගන්න පුලුවන් අඩුවෙන් ගෙවන පොඩි රස්සාවල්. තනිකඩයෙකුට යම්තම් ජීවිතේ ගැට ගහ ගන්න ඒ මුදල ප්‍රමාණවත්. වැඩිපුරම මේවායේ වැඩ කරන්නේ නීති විරෝදී සංක්‍රමණිකයන්. මට බැංකු ගිණුමක් අරින්නවත් , වාහනයක් එළවන්නවත් බැහැ. not authorized to work කියල පාස්පෝට් එකේ ගහල තියෙනවා. නිකමට හරි පොලිසියට මාට්ටු වුනොත් ඩී- පෝට් තමයි.
ඇමරිකන් ඉංග්‍රීසිය අමුතු ඉංගිරිසියක්. උන්ගෙ “ඇ” කාරය වැඩි. ඩාන්ස් – ඩෑන්ස් ,… ක්ලාස් – ක්ලෑස්.. පාස් – පෑස් වගේ. ඒ අනුව මගේ නම සමන් :…. සැමන් විය යුතුය. ඒත් උන් මගේ නම වෙනස් කෙරුවා ” සෑම්” කියලා. මම සැමන් නොවී සෑම් වීම ගැන සතුටු උනා.
ගෑස් ස්ටේෂන් එක ඇතුලේ තියෙනවා කස්ටමස්ලට යන්න වැසිකිළියක්. ඒවාට කියන්නේ “රෙස්ට් රූම් ” නැත්නම් “වොෂ් රූම්” කියලා.
ඇමරිකාව කියන්නේ ගෙදරට මරගාතෙ- ලෝකෙට පරකාසෙ කරන රටක්. මෙහේ තරම් හිඟන්නෝ නැතිව ඇති ලෝකෙ කොහේවත්. මුන්ට කියන්නේ “හෝම්ලස් පීපල්” කියල. “බෙගර්ස් ” කියන වචනය පාවිච්චි කරන්නෙ නැහැ.
අ. පො. ස. විභාගයේදී මට විශිෂ්ට සම්මාන තියෙනව ඉංග්‍රීසි භාෂාවට සහ සාහිත්‍යයට. ඊට අමතරව උසස් ආයතනයකින් ලද සහතිකයකුත් තියෙන නිසා මා හිතා හිටියේ මා තරම් ඉංග්‍රීසි උගතෙක් තවත් නැතිව ඇති කියාය. එහෙත් මා කියනා දේ මුන්ට නොතේරෙයි. උන් කියනා දේ මටද නොතේරෙයි.
ඒ නිසාම මට දී තිබුනේ කස්ටමර්ලා අඩු රෑ සේවා මුරයයි.
දිනක් එක් හෝම්ලස් මිනිහෙක් ඇතුළට ඇවිත් ” may I use your rest room ” කියල මගෙන් ඇහුවා.
“rest room only for customers” කියලා මම මිනිහව එළවා ගත්තා. මගෙ තාත්තගේ වයසේ මිනිහෙක්. මට පස්සෙ දුක හිතුනා. උගෙ මූන අමුතුයි. හමේ පාට සුදුත් නෙවෙයි.. කලුත් නෙවෙයි. ඇස් දෙක පැහැදිලියි. බැල්ම තියුණුයි.
පසුවදා සුපුරුදු රෑ ෂිෆ්ට් එක නිම වෙලා මම පයින්ම මගේ නවාතැනට ගාටමින් හිටියා. වෙලාව උදේ 7.30 ට විතර ඇති. පාර අයිනෙ බංකුවක් උඩ හෝම්ලස් මිනිහෙක් ඉඳගෙන හිටියා. මිනිහා මොනවද තාලෙට කියනව මට ඇහුනා.
” ඩූව් ඩීමට් කාරෙ බෙන්ඩා…” ටිකක් පුරුදු හඬක්. ඒ අර මම එළව ගත් මිනිහා. මම මිනිහට කිට්ටු කළා.
හලෝ.. are you singing ?
මිනිහ පැහැදිලි ඉංග්‍රීසියෙන් ” cold….can you buy me a coffee ? මිනිහගේ කකුල් දෙකම වන වෙලා. ඒවාට දැමූ දම් පාට බෙහෙතට උඩින් සාරෙ ගලමින් තිබුණා. මම වහාම කෝපි එකක් අරන් දී,
” are you sick?”
“I am having cold and fever”
මගේ සාක්කුවේ ලංකාවෙන් ගෙනා පැනඩෝල් පෙති වගයක් තිබුණා. ඉන් දෙකක් මම මිනිහට දුන්නා.
” Panadol ? are you sri lankan ?”
” my god ! are you sri lankan too ?
දිග සුසුමක් හෙලූ එයා මොනවදෝ කියන්න ලෑස්ති උනා.
මට මහන්සියි. නිදිමතයි. අපි පස්සෙ හමුවෙමු කියල , රෑ ෂිෆ්ට් එකෙන් මාටියා ගහපු ඩොලර් කීපයක් මම මිනිහගේ අතේ තියල නවාතැනට ගියා.
රෑ නිදි වරා සිටියත් උදේ සිදුවූ දේ නිසා මට නින්ද ගියේ නැහැ.
කොහොමටත් රෑ නින්ද වගේ නෙවේ දවල්ට නිදා ගන්න එක.
ඊට පස්සෙ දින කීපයක් යන තුරු මම මිනිහව දැක්කෙ නෑ.
එදත් සුපුරුදු පරිදි මගේ රෑ ෂිෆ්ට් එක. හදිසියේම ” අරයා” ආවා. රෑ 12.30 ට විතර. ඇතුලට නෑවිත් වීදුරු ජනේලෙන් මා දිහා ඔරවා ගෙන හිටියා. ඔහුගේ රැවුල , කොන්ඩේ දිගටම වැවිලා තිබුනා. වැඩි හරියක් සුදු කෙස්.
ඒ වෙලාවේ කස්ටමර්ලා අඩුයි. මම කෝපි එකකුත් හදාගෙන මිනිහ ළඟට ගියා.
” Are you speaking Sinhala ?” මිනිහා මගෙන් අහනව.
” මම හිතුවේ සෑම් මහත්තයා ඉන්දියන් හරි මෙක්සිකන් හරි කියල. ලංකාවෙ කොහේද ?”
මටයි මිනිහගේ විස්තර දැන ගන්න ඕන. මිනිහ මං ගැන අහනව.
මෙතන ඉඳල ලියන්නම් ඔහු මට කී කතාව.
මගේ නම සිරිල් සපරමාදු. මගේ වයිෆ් පද්මිනී. අපි හෝමාගම.
ලොතරැයි දිනුම් වලින් හරි ගියේ කීයෙන් කීදෙනාටද සෑම් මහත්තයෝ. මටත් ඇදුනා ලොතරැයියක්. වීසා ලොටරි එක. දැනට අවුරුදු 25 කට ඉස්සර මම මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරියෙක්. මගෙ වයිෆ් ගුරුවරියක්. අපි ලංකාවෙ හොඳ ජීවිතයක් ගත කළා. ඇමරිකන් එම්බසියෙන් ලියුම ආදා ඉඳල සතියක් අපේ ගෙදර ලිප පත්තු උනේ නෑ සෑම් මහත්තයෝ. අපෙ සේරටම ඇමරිකන් උණ හැදුනා. අපිට ළමයි තුන් දෙනයි. වැඩිමළා පුතා ඊළඟට දූලා දෙන්නා. අපි මෙහේ එනකොට පුතාට 7 යි. දූලට 6 යි, 5 යි. අපි තිබ්බ සේරම සේසත විකුණලයි ආවෙ.
මාත් ඔයා වගේ ගැස් ස්ටේෂන් එකක වැඩ කළා. වයිෆ්ට මොන්ටිසෝරියක රස්සාව ලැබුණා. අපි දෙන්නාගෙ පඩියෙන් පවුලක් නඩත්තු කරන්න අමාරු නිසා මම ජොබ් දෙකක් කළා. ඒක හරිම අමාරු වැඩක්. හිතේ වේගෙට කළාට මම නිතර නිතර ලෙඩ වුනා.
විවිධ හැල හැප්පීම් මැද කාලය ගෙවී ගියා.
පුතා නම් ඉගෙනීමට වැඩි උනන්දුවක් පෙන්නුවෙ නෑ. දූල දෙන්නම ” මාස්ටර්ස්” දක්වා ඉගෙන ගෙන දෙන්නම ඇමරිකන් කාරයො දෙන්නෙක් එක්ක විවාහ උනා.
ඒව නිකම් ” නමට විවාහ” ලාස් වේගාස් වල තියෙනව ” drive through ” කසාද බඳින්න තැනක්. ලොකු දුව වෙන ස්ටේට් එකකට ගියා පදිංචියට.
ඉන්න තැනක අපි කාටවත් කීවෙ නැහැ.
පුතා මෝටර් මෙකැනික් කෝස් එකක් කරල මෝටර් රත හදන කොම්පැනියකට බැඳුනා. මිනිහට හොඳයි. හැබැයි නාස්ති කාරයා. බීමට ඇබ්බැහි උනා. ඉතිරියක් , අනාගතයක් ගැන හිතුවෙ නැහැ.
පොඩි දුවට බබා ලැබිල අවුරුදු 5 කට පස්සෙ අපිව එක්ක ගියා එයාලගෙ ගෙදරට. අපි එහේ හිටියේ ආගන්තුකයෝ වගේ. මගෙ වයිෆ්ට නම් වැඩ තිබුනා. ඒ මිනිපිරී – නිකෝල් – බලා ගන්න එක. කෙලීට තිබුනේ නිල් පාට ඇස් දෙකක්. සුදු පාට හමක්. කොන්ඩෙ නම් කලු පාටයි. ටිකක් මගෙ වයිෆ් පද්මිනිත් වගෙයි. සමහර දාට නිකෝල් මගෙ උනුහුමට තුරුල් වෙලා නිදා ගත්තා. මම ඇගේ හිස පිරි මැද්දා. ඈ ඊට ආසා කළා. මම ඈට ” කිරි සුදු හාවා” ඉගැන්නුවා.
දවසක් අපේ බෑණා – මයික් පියර්සන්- අහනව මගෙ දුවගෙන් what the hell that old man doing here කියල.
Don’t talk like that. He is may dad. ඒ මගෙ දුව.
But this is my house– ඒ බෑණා.
OK I will ask them to leave. You can hire a baby sitter for 600 dollars for a week.
මම එදා හිතා ගත්තා මම තව දුරටත් මෙහේ හිටියොත් ඒක මෙයාලගෙ පවුල් ජීවිතයට බාධාවක් කියල.
” පද්මිනි… මම යනව පුතා ළඟට. ඔයාට මෙහේ කරදරයක් නැහැනෙ.”
අපි දෙන්නා බැන්දට පස්සෙ කවදාවත් වෙන් වෙලා ඉඳල නෑ. එයා කඳුලු පුරවා ගෙන මා දිහා බලා ගෙන ඊට කැමැත්ත දුන්නා.
” මතක් කරල බෙහෙත් ටික අරගෙන යන්න”
පුතා ජීවත්වුනෙ single bed room අපාර්ට්මන්ට් එකක. මිනිහ මාව සතුටෙන් පිළිගත්ත. ඒත් වැඩි විස්තර ඇහුවෙ නෑ. ඒ එයාගෙ හැටි.
මම ගිය ගමන්ම කළේ ගේ අස් කරන එක. පුතා කැම බීම කරල තියෙන්නෙ පිටින්.
” තාත්ත බියර් එකක් බොනවද?” පුතා බියර් බෝතලයක් කටේ තියාගෙන බොන ගමන් මගෙන් ඇහුව. මම මගේ තාත්ත ඉස්සරහ වාඩිවෙලාවත් නැහැ.
මම මටම සාප කර ගත්ත. දුර දිග නොබලා ගත්තු තීරණ නිසා අද අපේ පවුල සී සී කඩ. දරුවන් දෙමාපියන් අතර සම්බන්දයක් නැහැ. දරුවො හිත් පිත් නැති මැෂින් වගේ. රොබෝල වගේ.
මම මාකට් එකට ගිහින් පුංචි රයිස් කුකර් එකක්, තේ හදන්න අවශ්‍ය කරන දේ සහ තවත් දේ ගෙනාවා.
” පුතා මීට පස්සෙ පිටින් කෑම කන්න එපා. අද ඉඳල මම උයනව”
“ඉතින් කොහොමද මේ තත්ත්වෙට වැටුනේ ?” මම එයාගෙ කතාවට බාධා කලා.
” අනේ සෑම් මහත්තයෝ, මං ගැන කාටවත් කියන්න එපා. ඒක අපේ රටට කරන අගෞරවයක්.”
පුතා මගෙත් එක්ක මුලින් හොඳට කතා බහ කළා. පස්සෙ පස්සෙ අහන දේට විතරක් උත්තර දුන්න. සුමානයක් දෙකක් යනකොට මට එයාගෙ වෙනසක් තේරුනා. මිනිහ මාව නොරුස්සන ගතියක් මට දැනුන.
එදා ජූනි 15. පුතාගෙ උපන් දිනෙ. මම උදේම නැගිටල කිරිබත් ඉව්වා. පුතා කිරිබත් කන්න හරි ආසයි.
” පුතා අද කලින් ගෙදර එන්න. මම ඩිනර් ලෑස්ති කරනව.”
මට හොඳට උයන්න පුලුවන්. මම කහ බතක් උයල චිකන් උයල, පරිප්පු වේලෙන්න උයල, ලූනු සම්බෝලයකුත් හැදුව. පුතා ආවෙ නැහැ. මම රෑ 11 වෙන තුරු බලා ඉඳල තනියම කෑම කෑවා.
තව ටිකක් බලා හිටියා. මට දන්නෙම නැතිව ඉඳගෙන හිටි පුටුවෙම නින්ද ගියා. පුතා තව කට්ටියක් එක්ක එනකොට පාන්දර 3.00 ට විතර ඇති. සේරටම හොඳටම වෙරි.
උන් ළඟ වස ගඳයි. මරිජුවානද මොනවද ගහල. සාලෙ ලයිට් පත්තු උනා. එකෙක් අහනව “Who the fuck is this ?” කියල.
“Are you living with your dad ?” ඒ තව එකෙක්.
මම දවසක් පුතාගෙන් ඇහුව ” පුතාට මම ඉන්න එක කරදරයක්ද ?” කියල.
” කරදරයක් නම් නෑ. ඒත් යාලුවෙක් වත් ගෙන්න ගන්න විදිහක් නෑ. “I too have a life තාත්තෙ”
මට දැනුන ලොකු විනාශයක් අත ළඟ කියල. මම දවස් කීපයක්ම පොඩි දුවටත්, පද්මිනීටත් කෝල් කරන්න උත්සාහ කළා. එයාලගෙ ෆෝන් එක ඩිස්කනෙක්ට් කරල. එයාල වෙන කොහාටද ගිහිල්ල.
පුතා හදිසියෙම එයාගෙ කාර් එක වික්කා.
” තාත්තෙ මම යනව නිව්යෝර්ක් වලට . ට්‍රේනින් එකකට. සති දෙකකට.”
එයා ඇඳුම් බෑග් එක, ලැප්ටොප් එක එහෙම අරගෙන පිටත් උනා.
එදා ඉරිදා දවසක්. මම ටිකක් දවල් වෙන තුරු නිදා ගත්ත. කවුදෝ දොරට ගහනව. මම ගිහින් බැලුව.
නෝටන් ලෝපෙස්- අපාට්මන්ට් මැනේජර්.
“Your son din’t pay rent. You have to pay or leave the apartment”
” Can’t you wait? He will be back in two weeks”
” No he is not coming back. He moved to NewYork”
මගේ පුතා අභිනිෂ්ක්‍රමණය කරලා.
පුතා ඉපදුනේ ජයවර්ධනපුර රෝහලේ. මට පනිවිඩේ ලැබෙන කොට හවස 3.00 ට විතර ඇති. සීසර් සැත්කම නිසා පද්මිනීට සිහිය ඇවිත් තිබුනේ නැහ. පුතා කොට් එකේ හිටියා. අඬ අඬා. මම ඇඟිල්ලෙන් එයාගෙ ලපටි ලා රෝසපාට කම්මුල් ස්පර්ශ කළා. ඇඬිල්ල නැවතුනා. ළඟ ඇඳක හිටි ගැහැණියක් ” දැක්කද තාත්ත අඳුර ගත්තු හැටි කීවා. මට අද වගේ මතකයි.
සපරමාදුගෙ කතාව ඇහුවට පස්සෙ මෙතෙක් කල් ජීවිතය ගැන තිබූ ආසාවන් සේරම වෙනස් වුනා වගේ කියල මට හිතුනා. මම නවාතැනට ගිය ගමන්ම අම්මට කෝල් කළා. මගෙ තාත්ත ජීවතුන් අතර නැහැ. ෆෝන් එක ගත්තෙ අම්ම.
මම “හලෝ” කිව්වම” ආ මගෙ පුතේ.. දැන් කාල බීලද ඉන්නෙ? දැන් ඔහේ වෙලාව කීයද?” කියල ඇහුව. මට එක පාරටම ඇඬුම් යන්න ආවා.” ඇයි පුතාට සනීප නැද්ද?” අම්ම අහනව.” ඔය හිටිය ඇති පුතේ ඉක්මණට ආපහු එන්න”
ෆෝන් කාඩ් එක ඩොලර් පහයි. ඒක ඉවරවෙන තුරුම මම අම්මත් එක්ක කතා කළා. ඒත් මගේ හිතේ ඇතිවුනු පීඩනය ඉවත් වුනේ නැහැ.
ඇයි සපරමාදු අන්කල්ට පංසලට යන්න තිබුණනේ?” බුද්ධාගමේ නේද ?
ඔය සිංහළ ඇසෝසේෂන් එකට එහෙම ගියෙ නැද්ද?”
ඒව තියෙන්නෙත් ලොකු මිනිස්සුන්ට විතරයි. ඒවයින් කෙරෙන්නේ බාස්කට් බෝල් ටූනමන්ට්/ ඩිනර් ඩාන්ස් වගේ ඒව කරන එක විතරයි.
හැමදාම ජොබ් දෙකක් කරල මම ගෙදර එන්නේ කොයි වෙලාවෙද ඇඳට වැටෙන්නෙ කියල බලා ගෙන. ඒ නිසා මට යාලුවෙක් ආශ්‍රය කරන්නවත්, පංසලකට පල්ලියකට යන්නවත් බැරි වුනා. මගේ හිතේ තිබූ හීන මාණය නිසා ලංකාවෙ මිනිස්සු ගැවසෙන තැන් වලට නොයා ඉන්න මම පුරුදු උනා.
මම කීප වතාවක්ම ලංකාරාමයට ගිහින් තියෙනව. ඒ කඨින දවස් වල. කටට රහට කාල එන්න. මට ජිනානන්ද හාමුදුරුවන්ට මූන දෙන්න බෑ.
මගෙත් එක්ක වැඩ කරන උන් මම නිතරම හෝම්ලස් මෑන් කෙනෙක් එක්ක කතා කරනව නෝට් කරල. උන් කියන්නේ ඒ මගෙ ඩෑඩ් කියල.
මගේ තත්වයත්, සපරමාදුගෙ තත්වය වගේම බරපතල එකක්. “මටත් වඩා අබලන් මගෙ හැරමිටිය” කිව්ව වගේ අනේ අපොයි කියල හිත හදා ගන්නව ඇරෙන්න මට වෙන කරන්න දෙයක් තිබුනේ නැහැ . ඉඳල හිටල මම කීයක් හරි සපරමාදුට දුන්න.
” ඉතිං සපරමාදු අන්කල්, ආංඩුවෙන් ගානක් හම්බ වෙනව නේද?”
මුලදී මට සෝෂල් සෙකුරිටි ලැබුණා. ඒත් දැන් මට ඉන්න තැනක් නෑ. ඇඩ්‍රස් එකක් නෑ.
මට හිඟමන් ලැබෙන්නෙ කලාතුරකින්. උන් හිඟමන් දෙන්නෙත් පාට බලල.
” දැන් කොච්චර කල් වෙනවද මෙහෙම වෙල?”
දැනට අවුරුදු 5 කට වඩා .. සමර් එකට නම් ගානක් නැහැ. වැටිච්ච තැන නින්ද යනව. වින්ටර් එකට අපි ගිහින් දානව කෑම්ප් එකකට.
” ඉතිං අංකල් ගෙ වයිෆ් දැක්කෙ නැද්ද ඊට පස්සෙ?”
ඇයි නැත්තෙ ?
දවසක් මම පාක් එකේ බංකුවක ඇලවෙලා හිටියා. මං දැක්ක හැඩ රුව හුරු පුරුදු කෙනෙක් පොඩි බබෙක් කාට් එකක දාගෙන පාක් එකට එනව. ඒ පද්මිනී. දිග කලිසමක් ඇඳල. අඳුරන්නත් අමාරුයි.
මම ඒ වෙනකොටත් හොඳටම ජරා ජීර්ණ වෙලා. මම එයා ළඟට ගියා. එයා ඇස් උඩ තියා ගත්තා.
” ඔයාට මොකද මේ උනේ?” මම ඔයා හැම තැනම හෙව්වා”
” පුතා මාව දාල ගියා.. ඔයා දැන් කොහේද ඉන්නේ?”
“පොඩි දුවලත් වෙන කොහාටද ගියා. මං හිතන්නෙ ෆ්ලොරිඩා වලට… බේබි සිටින් කරල පළපුරුද්ද තියෙනව කියල මට සහතිකයක් දීල ගියා.. මම දැන් ගෙදරක බබෙක් බලාගන්නවා.. ඔයා කොහේද ඉන්නේ ?”
” මට ඉන්න නියම තැනක් නෑ. හුඟක් වෙලාවට ෆ්‍රී වේ එක යට තමයි නිදා ගන්නෙ”
” ඔයා කෞන්ටි හොස්පිටල් එකකට ගිහින් ඔය තුවාල වලට බෙහෙත් දාගන්න”
ඉස්සර මට ලෙඩක් හැදුනම වැඩියෙන් කලබල වෙන්නෙ පද්මිනී. මාව බලෙන්ම දොස්තරගාවට ඇදගෙන යනව. ලෙඩේ කියන්නෙත් එයාමයි. හැමදේම වෙනස් වෙලා.
” මට පරක්කු වෙනව. 5.30 වෙන කොට මේ බබාගෙ අම්ම එනව”
මගේ පපුව හෝස් ගා ගෙන ගියා. හැමෝම වෙන් වෙලා යනව. අපි ආයෙ කවදා හමුවෙයිද ?
දවසක් මං හම්බ වෙන්න රෑ 12.30 ට විතර සපරමාදු ආව. එයා මට දුන්න පොලිතින් වලින් ඔතාපු පාර්සලයක්
” සෑම් මහත්තයා මට පොඩි උදව්වක් කරන්න. මේ අපේ ෆොටෝ ඇල්බම් එක. ඔයාට පද්මිනී අඳුරගන්න අමාරු වෙන එකක් නෑ. ඔය ඇල්බම් එක එයාට දෙන්න. ඕක ඇතුලේ සල්ලි වගයක් ඇති . ඒකත් එයාට දෙන්න.”
ඔයා ආපහු ලංකාවට යනව කිව්වා නේද ? යන්න…… මේක හොඳ රටක් නෙවි.”
සපරමාදු එදා නම් කතා කලේ සිහි විකලෙන් වගේ.
‘ඔයාට මගෙ වයිෆ් හම්බ උනේ නැත්නම් ඔය සල්ලි වලින් මහත්තයගෙ අම්මට මොනව හරි අරන් යන්න..”
පහුවදා පාන්දර මට කස්ටමර් කෙනෙක් ඇවිත් කිව්ව ට්‍රෑෂ් බින් එක ළඟ හෝම්ලස් මිනිහෙක් වැටිල ඉන්නවා කියල. මම විගහට ගිහින් බැලුව.
ඒ සපරමාදු. මම 911 කෝල් කළා.
ටික වෙලාවකින් ඇම්බියුලන්ස් එක ආව. මම වීදුරු කවුලුවෙන් බලා හිටියා.
සුදු රෙද්දකින් වහපු සපරමාදුගෙ සිරුර ඇම්බියුලන්ස් එකෙන් කොහාටද අරන් ගියා.
සපරමාදු මැරිලා.
නිමි.
මේක මට ආපු ඊමේල් එකක්, ...... මෙච්චර සුන්දර, අභිමානවත් දේශයක් තියෙද්දිත් පිටරට යන්න හිතාගෙන ඉන්න අයට පොඩියට හිතන්න මං දාන්නේ

Saturday, September 24, 2011

මුහුදු වෙරලේ පන්තිය

ඔන්න මේ කතාව  ත්‍රීවිල් ව්නෝද චාරිකාව ඉතුරු ටිකයි.
මේ ටික කොහොම කියන්නද දන්නේ නෑ. ඒත් මම ලියනවා යලුවො මාත් එක්ක තරහ වෙන්නෙ එපා. ඔන්න ඉතින් එදා අපිට අවශ්‍ය සියලු දේ එහේ මෙහෙ ගිහින් හොයා ගත්තා. අමතක නොවෙන දෙයක් කියන්න ඔනේ සුපරමාකට් එකට ගියා අවශ්‍යම දේ ගන්න එතනදී දැන් කට්ටිය එක එක සිලෙක් කරනවා ඒ අතර සෑම් කියනවා මචං ෆ්‍රැන්ක්ලින් නම් නියමයි මම ඔෆිස් එකේදිත් ගන්නවා කිසි අවුලක් නෑ අපි ගානත් බැලුවා ශේප් ඉතින් අරගෙන ආවා අනෙක් අඩුපාඩුත් එක්ක.
ඊලගට එනගමන් රයිස් එකක් එහෙම දාගෙන සයිඩ් ප්ලේස් එකක් හොයා ගෙන වැඩ පටන් ගත්තා. අතීතය රස කතා මතක් කරමින් දියටම වැඩේ ගියා.ඩයියා අලුත් කතාවක් කිව්වා එක නම් ඇත්ත, මිනිස්සු කවුද කියලා අදුන ගන්න පුලුවන් අවස්ථාවක් අපුවාම.
ඒ අතරේ අපිට මාකාට් කෝල් එක්ක දෙනවා ඉන්න තැන අහලා ප්ලේස් එක කිව්වා ටික වෙලාවයි ගියේ මිනිහත් ආවා.හැබැයි හොදම සීන් එක පොර මතට තිත වෙලා. අපිට නම් අදහා ගන්නත් බැරි උනා නමුත් ඒ එහෙම වෙලා.
ඔන්න වට පිට සිරි නරඹමින් හුලන් එහෙම වැදි වැදී ඉන්න අතර මම දැක්ක ඈත අදුරන බුවෙක් එනවා වෙරිද දන්නේ නෑ ඒ නිසා පොඩ්ඩක් හොදට බැලුව අම්මට සිරි මේ දෝදුනේ, කෙල්ලත් එක්ක ඈත එන්නෙ. පටන් ගත්තා ආර්තල් එක කස්ටියම දුන්නා නැගිටලා සප් එක.දෝදු දන්නවා අපි ගාවට ආවත් නසී ඔහොම හිටියත් කොහොමත් නසී කියල මොකද අද උදේ සෑම්ට මූ කියල තියෙන්නේ ක්ලාස් එකක් බන් කට් කරන්නම බෑ අනිවා යන්න ඔනේ කියල. ඇත්ත කිව්වා නම් අවුලක් නෑ ඒත් මේ එකට ඉන්න එවුන්ට ලනු දුන්න නිසා උගේ රෙද්ද ගලවලා(චාටර්) කරලා ශොට් එකක් දාලා යැව්වා.
ඔන්න ඕක තමා මුහුදු වෙරලේ පන්තිය.
තව පොඩි දෙයක් කියන්න තියෙනවා අර ෆ්‍රැන්ක්ලින් හොදයි කිව්ව සෑම් 4ට විතර ගහක් බදාගෙන තව එකෙක් පොරගේ කලිසමේන් අල්ලාගේන :( ඒ අතරේ අනික් උන් මුහුදට බැහැලා. අපි ආවා මූදේ හිටපු උන්ට පස්සේ එන්න කියලා. සෑම්ට මග දිගට එන එන තැන බයිට් එහෙම හල හලා අවේ. අන්තිමට ප්ලේන්ටියක් දීලා මාත් ගේදර ආවා.

Monday, September 19, 2011

ත්‍රීවිල් ව්නෝද චාරිකාව

යන්තම් ෆේස්බුක් එකට පින්සිද්ද වෙනන ඉස්කොලේ ඉන්න එවුන් ටිකෙන් 50% හොයා ගත්තා. ඉතින් කට්ටිය ඔක්කොම ඉන්න එකේ අපි පොඩි රික්වෙස්ට් එකක් ආවා මචංලා අපි ට්‍රිපක් යමු කියලා.
සෑමාට කිව්ව විතරයි ඔන්න වැඩේ නැගලා ගියා. එක පොස්ට් එකයි දෑම්මේ මැක්සා හොට් ප්‍රතිචාර. කට්ට්ය ඔක්කොම පුලුවන් විදියට සම්බන්ද කලා.
කෝල් කලා, මැසේජ් යැව්වා. කට්ටිය බෑ නොකියා 50ක් ඕකේ එක දුන්නා. හැබැයි 30 කන්ෆර්ම් කලේ.
ඔන්න ඒ අසසේ අපේ හර්කියුලිස් වීරයා වගෙ බස් එකක් ගේනවා කිව්වා. අපිට ඉතින් මොකො ෆන් එක ඩබල් වෙනවා කියන්න එකනේ. ඔන්න වැඩේ යනවා මැක්සා විදියට.දැන් ඔන්න යන්න සතියකට කලින් තමා මේ විදියට ලෑස්ති උනේ.
 යන්නේ දැන් ඊලග සතියේ සෙනසුරාදා. අගහරුවාදා ඔන්න මම හර්කියුලිස්ට කෝල් කලා "ඔබ ඇමතූ අංකයේන් ප්‍රතිචරයක් නොමැත, කරුණාකර පසුව අමතන්න", මම හිතුවා කොල්ලා ඉතින් ඉංජිනේරුවා නිසා පොඩ්ඩක් විතර වැඩ ඇති කියලා. බදාදා වෙන කල් කෝල් කලා සීන් එක එකම කතාව තමා. අපි දැන ගත්තා සීන් එක, පොර මිස්න්. වැඩේ දෙල්, සතියක් පෝස්ට් පොන් කලා ට්‍රිප.
බස් කතාව එතනින් ඉවරයි ඌ ෆෝන් එක නොම්මරයත් මාරුකරලා ඒ ටිකට.
අපි බැලුවා එන පොට හරියන්නේ නෑ කට්ටියටම එන්න කිව්ව ඊලග ඉරිදා කොටුවෙ කොම්බුව යටට යන තැනක යන්න.
කට්ටියට "මචං ඉරිදා එනවා නේ" කිව්වා විතරයි "ඩෙෆා" කියලා චැට් රිප්ලයි දැම්මේ.
අපේ ෆන් දවස කාලයකට පස්සේ ආවා, අවුරුදු හතරකට පස්සේ අපේ සෙට් එක දකින්නේ කොච්චර දේවල් මතක් කරන්න තියෙනවද? ආයේ පිස්සුවක් වත් කෙලින්න හම්බු වෙයිද?
ඉතින් ඔන්න උදේ 8ට තමා එන්න කිව්වේ. මන් ගියා 8ට 10ක් විතර තියෙද්දී, මම දන්නවා අනිවා අපේ උන් එන්නේ 9ට කියලා ඒ උනත් මම යනකොට දර්ශන ඇවිල්ලා වෙලාවට.පොර ඉතින් ඉස්කෝලේ දවස් වලටත් 6.30 වෙද්දි එන එකා තාම එහෙම්ම මයි.
කොල්ලට මාර සතුටුයි එකෙක් හරි දැන් ඉන්නවා නේ අඩුගානේ දුකවත් කියන්න. විනඩි 30ක් විතර ඉතින් එක එකාට කෝල් කරනවා.
එන රෙප්ලයි ඔක්කොම මචන් මාර සීන් එක අද එන්න වෙන්නේ නෑ.
අරක උනා මේක උනා ඔක්කොම එදා උදේ තමා මුන්ට වෙලා තියෙන්නේ. සමහරක් උන් කියනව මචන් ගිහින් ඉන්න තැන කියපන් මම දවල්ට එනනම්.මෙකේ උන්ට කියපුවා දාන්න බෑ.

ඔන්න යන්තම් සෑමා එනවා. ඌ ඈත දකිනකොටම සීන් එක තේරුනා කට්ටිය ඔක්කොම සෙට් වෙලා කියල 30ම වෙලවට ඇවිල්ලා ඌ විතරයි පරක්කු කියලා.මොකද දැනට එකතුව ඌත් ඒක්ක 3යි.
දැන් ඉතින් පීච්න් වෙලා ඉවරයි හැබැයි මුදලේ ඔන්න එනවා ප්‍රබුද්ධයාත් එක්ක. දැන් ආතල් ගොඩයි. ඩයියාට එක කෝල් එකයි පොර විනාඩි 30න් ආවා. අන්න මොනා උනත් ඕන දෙකට බෑ කියන්නෙ නැති පොරවල්.
කට්ටිය සෙට්, වෙලාවට හර්කියා බස් එක ගේනාවේ නැත්තේ. මොකෝ 6 දාගේන මොනවා කරන්නද? ඔන්න ඔහොම තමා ත්‍රීවිල් ව්නෝද චාරිකාව පටන් ගන්න උනේ.
මේ මචන් දැන් අයේ එන එකෙක් නෑ යමු කොහේට හරි ගිහින් බඩුවක් ගහමු එකේක් කියනවා. පිස්සුද බන්, මොන මේ උදේ, කොහෙන්ද උන්. දැන් උන් බුදි .
හරි බොරු එපා දැන් කරන්න දේයක් නෑ බීච් එකට ගිහින් බොමු. කට්ටිය කන්ෆර්ම් නේ. ඔව් එහෙනම් යමු. එක මතයේ එකග වී ට්‍රිප් එක පටන් ගත්තා.
100 බස් එකට නැග්ගා වැල්ලවත්තට ගත්තා. යන ගමන් ඉතින් එක එක බයිලා මචන් උඹ කොහෙද මොකො කරන්නෙ ඩයියා ඉතින් පොර ටෝක්ස් අනෙක් උන් නිකන් ටෝක්ස්. ඉස්සර බස් එකේ ගියාට වැඩිය දැන් ගොඩක් ඩීසන් වෙලා.
වැල්ලවත්තෙන් කොන්දාට බායි කියා බැස අපි ගියේමු.
කතාව මතු සම්බන්ධයි ඊලග පොස්ට් එකෙ අනික් කෑල්ල ලියම්.

Sunday, September 18, 2011

කවුද මේ ජයේ

 

ජයේ කියල කියමු කෝ.


ගෙදර ඉන්නකොට කිව්වා දැන් ඔහොම ඉන්දලා හරියන්නේ නෑ මොන්ට්සෝරි යන්න තියෙනව කියලා. අම්මා මාව එක්කන් ගියා මාත් ඉතින් ආතල් එකේ ගියා . ඊට පස්සේ කිව්වා දැන්  ඉස්කෝලෙ යන්නත් ඕනෙ කියල එකටත් ගියා. ඊට පස්සෙ කිව්වා හොදට ඉන්න කියල, ඉතින් මම හිටියා. 1, 2 ,3, 4 ඔක්කොම එලකිරි වගේ පාස් 5ත් ගොඩ දාගත්තා.
අලුත් ඉස්කෝලයක් සෙට් උනා ඒකත් නැගල ගියා...ඔන්න අපේ සෙට් එක මේතනින් පටන් ගමු. සෑම්,පුෂ්පේ,කසුප්,සුජ්ජා සහ මම. දෑනට කසුප් ආගිය අතක් නැත. අනික් උන් ඇත.
තව කට්ටිය සෙට් එකක් ඉන්නවා වෙලාවට කට්ටිය ගැන කියන්නම්.
ඔන්න ඔහොම යන්තම් ඕ.ලෙවල් කට්ටියගෙ උදව් පදව් භීෂණ මැද්දෙ කර ගත්තා.
ගනන් ඥාණේ අපිට බෑ කිව්වට අපි සෙට් එකේ ගොඩක් එවුන් කලේ මැට්ස් තමා. හැබැයි පලවෙනි පාර ගොඩ ගියේ කීයද කියල කියන්න නම් බෑ.කරපු පිස්සු වල හැටියට ඔය මදැ.
වාසනවට අපේ තත්තා මට කලින්ම අනික් එවුන්ට වෙන දේ දැකල මාව N.I.B.M එකට යැව්වා.
" තාත්තා මට ඇනපු ටොක්ක දවාලේ තරු පෙනුනා ඊ ඇරපු සත්තම් වලට කන් දෙක මගෙ පිරුනා, එදා මට පෙනුනෙ ඔබට හතුරෙක් වගෙයි තාත්තේ අද මට පෙනෙන්නේ ඔබ දෙවියෙක් වගෙයි තාත්තේ ..." සුනිල් බුවා කිව්ව කතාව පට්ටම ඇත්ත.මොනා උනත් O/L ,A/L කරන කාලෙත් කොල්ලා වැඩිපුරම හිටියෙ Computer Lab එකේ නැත්නම් ගෙදර PC එකේ.
NIBM එකේ අවුරුදු 4ක් කට්ට කාල Degree එක අරගෙන බැලුවම පස්ස හැරිල කොල්ලා සෑහෙන ඉදිරියෙන් ඉන්නවා වගෙ හිතුන. එක ඉතින් අහිංසක ආඩම්බරයක් මොකද අපිත් එක්ක එකට අපු කට්ටිය තාම අවසාන අවුරුද්ද විභාගය ලියනවා. මම උපධිය අරන් දැන් අවුරුද්දයි මාසහතරයි. එක අපේ ලන්කාවෙ අවුලක් මිසක් උන්ගෙ වැරැද්දක් නෑ.
කොහොම උනත් මොනව කලත් දැන් කොල්ල දෙපයින් නැගිටලා තනියම ඔලුව කෙලින් තියගෙන ඉන්න පුලුවන් කමක් තියෙනවා. රස්සා කිහිපයක්ම කලා. එවා ඉස්සරහට කියන්නම් දැනට මෘදුකාංග ඉන්ජිනෙරුවෙක්මි.
ඔන්න ඕක තමා මගෙ තත්වය.